Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳ යෝජනාව නැවතත්

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පවතින මිලට ඉන්ධන අලෙවි කිරීම නිසා මෙරට තුළ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක මුදලකුත් ඩීසල් ලීටරයකින් රුපියල් 50ක මුදලකුත් අලාභ වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසා තිබෙනවා. 

ඒ හේතුවෙන් ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව යළිත් අද (14) දිනයේ දී බලශක්ති අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කන බවයි ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ. 

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර ඇත්තේ ඉන්ධන මිල ස්ථායිකරන අරමුදලක් ඇති කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මේ වන විට සකස් කරමින් සිටින බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu