Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොවූ වාර්තා ගැන හෙළිදරව්වක්


ද (14) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්  පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කලේ පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන බවයි. 

පසුගිය වකවානුවේ කතාබහක් මතුව තිබුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ  සහ චැනල් 4 නාලිකාව සිදුකළ වාර්තා වැඩසටහනෙහි ඇතැම් පිටු අස්ථානගත වී බවටයි. නමුත් උදය ගම්මන්පිල පවසන්නේඑම වාර්තා අස්ථානගතවීමට ලක්ව හෝ පිටු ගැලවීමකට ලක්වී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවයි. 

පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී  කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් විසින්ද පවසා සිටියේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල පිටු අඩු වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවටයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu