මෝ ටර් රථයකින් පැමිණි පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ග්‍රෑන්ඩ්පාස් - මාදම්පිටිය කනත්ත ආසන්නයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මා තර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ලේ ඇති වූ හදිසි ගින්නකින් එහි දෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශවී ගොස් ඇති බව වාර්තා වනවා.
වැ ට් බදු ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවමක් නියමව සිටි ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත නිදහස් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ලෙ බනනයේ ඛානා ගම්මානයේ නිවාස හා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයකට ඊශ්‍රායලය විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ව සර ගණනාවක් පුරා පාඩු ලැබීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන්සේවයෙ කොටස් විකුණා දැමීමට පසුගිය රජය තීරණය කර තිබුණා. එමඟින් 51%ක කොටසක් රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකිණීමට නියමිතව තිබුණා.
වි ශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව ඔවුන් වෙත ලබා නොදීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සොයා බලනු ලැබුවා. ඒ අනුව ඊට අදාළ මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස ජනාධි…
ප සුගිය කාලයේ සිදුවූ සියලුම ආර්ථික අපරාධ, මිනීමැරුම්, මාධ්‍යවේදීන් පැහැරගැනීම් ආදි සියලුම ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව දැනට සිදුකෙරෙන අපරාධ විමර්ශන පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත…
පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම ඉදිරි දින දෙකේ සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. සියලු දිස්ත්‍රික්කවල මනාප අංක සහිත අපේක්ෂක ලේඛන මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී අතර එම අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව…
ඉ න්දීය ගුවන් යානා 10කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගතවූ පැය 48 තුළ මෙලෙස සමාජමාධ්‍ය හරහා තර්ජන ලැබී ඇති අතර ඇතැම් තර්ජන ලන්ඩනය සහ වෙනත් රටවලින් එවා ඇති බවටයි වාර්තා වන්නේ.
ප සුගිය 11 වනදා දින විශේෂ කැබිනට් මණ්ඩලය රැස් වී පාස්පෝට් සමබ්න්ධයෙන් සිදුකල සාකච්ඡාවේ දී ගත් තීරණයන්ට අනුව ලබන සඳුදා (21) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යලි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත…
බ ත්තරමුල්ල ප්‍රදේශයේ දී තරුණියක් නවාතැන්ගෙන සිටි ස්ථානයේ උඩතට්ටුවෙන් පහළට වැටීමෙන් මියගොස් තිබෙනවා.
බ ස්නාහිර, සබරගමුව, වයම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නා සා ආයතනය පවසන්නේ ෆ්ලොරීඩාවෙන් Europa Clipper නම්, අභ්‍යවකාශ යානය පිටසක්වල ජීවීන්ගේ සලකුණු සෙවීම සඳහා පිටත්වීමට නියමිත බවයි.
අ ද (14) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කලේ පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ…
ප වතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසැල් වසා දැමීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ප සුගියදා අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් පහළොස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.
දි වයින ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ප වතින අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ප වතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළභ සහ ගම්පහ පාසැල් පැවැත්වීම පිළිබඳව විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
ස මගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේග කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවකටඑක්වෙමින් ඉන්ධන මිල සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහසක් පළකර සිටිනවා.